Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Practical English (Spoken) with Grammar Private

5 years ago Education Homagama

1,500 ₨

  • img
  • img
  • img
  • img
Location: Homagama
Price: 1,500 ₨

මෙම පන්තිය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පමණක් නො ව, ඉංග්‍රීසි භාෂාවට ඇති බිය නැති කිරීමට විශේෂිතව සැකසූ පාඩම් මාලාවකින් සමන්විතය. මාගේ පෞද්ගලික අදහසට අනුව ඉංග්‍රීසි වලට ඔබතුල බියක් ඇත්නම් එය ඇති වන්නේ, ඔබගේ පාසල් අධ්‍යාපනයත් සමගය. පාසල් අධ්‍යාපනයේ ඇති සංකීර්ණ වූ ඉංග්‍රීසි ව්‍යාකරණ (English Grammar) හේතුවෙන් ඔබතුල හටගත් බිය (Phobia) පිරිසක් ඉදිරියේ කතා කිරීමට නො හැකියාව දක්වා වර්ධනය වී ඇත්තේ, භාෂාවේ නිවැරදි ගැලපීම් නො දැනීම හේතුව නිසාවෙනි. ඔබ වචන (Vocabulary) දහස් ගණන කට පාඩම් කළද, වාක්‍යයන් විශාල ප්‍රමාණයක් පිලිබඳ දැනුවත් වුවද, අවශ්‍ය එම වචන (Words) සහ වාක්‍ය (Sentences) සුදුසු ආකාරයෙන්, සුදුසු අවස්තාවන්ට පරිහරණය කිරීමේ නො හැකියාව හේතුවෙන් ඔබ තුල යන්තමින් හෝ ඇතිවී තිබෙන පිරිසක් හෝ පුද්ගලයෙක් ඉදිරියේ කතාකිරීමට ඇති බිය තව තවත් වර්ධනය කරනු ඇත. ඔබ මාගේ පන්ති වලට සහභාගී වීමට පෙර දැනගත යුතු කරුණු කිහිපයක් ඇත.

1. මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Activity Based) මත පවත්වාගෙන යන පන්තියකි.

2. දීර්ඝ සටහන් (Lecture notes) ලිවීමට ලබා නො දෙන අතර, දිනපතා මුද්‍රිත සාරාංශ පත්‍රිකාවක් (Printed handout) පමණක් ලබාදෙනු ඇත.

3. ඔබට අවශ්‍ය ඉංග්‍රීසි පොත් ඉලෙක්ට්‍රොනික පිටපත් (pdf) අයකිරීමකින් තොරව ලබාදෙනු ඇත.

4. පන්ති කාමරය තුල හාස්‍ය ගැබ්වුනු ඉගැන්වීම් රටාවක් පැවැත්වෙන නමුත්, මනා විනයක් අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වෙනු ඇත.

5. ඉගැන්වීමෙන් පසුව මාසිකව ඔබ විසින් කරනු ලබන ඉංග්‍රීසි කථනයන් පටිගත කරනු ලබන අතර ඔබගේ භාෂා දැනුම වර්ධනයට එහි පිටපත් පන්ති කාමරය තුල පෙන්වීම සහ එම කතනයන්ගේ වැරදි සහ අඩු පාඩුකම් අනෙකුත් සිසුන්ගේ ප්‍රයෝජනයටද භාවිතා කරනු ඇත.

6. මෙම පන්තිය දින හතකින් හෝ දාහතරකින් ඔබ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු කරන බවට පොරොන්දුවක් ලබා නො දෙන අතර, ඔබගේ උනන්දුව සහ පැමිණීම මත සැබෑ වෙනසක් සිදුවනු ඇත.

විශේෂයෙන්ම පන්තිකාමරය තුල ගුරුවරයා කෙන්ද්‍රගත නො වුනු, ශිෂ්‍ය කෙන්ද්‍රගත ඉගැන්වීම් රටාවක් පවතිනු ඇත

ගුරුවරයාගේ පසුබිම

බ්‍රිතාන්‍ය කවුන්සිල සහතික ලත් ගුරුවරයෙකි (British Council Qualified)

ඕස්ට්‍රේලියාවේ සංනිවේදන කුසලතා වර්ධන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි (Communication Specialist)

අගෝස්තු / සැප්තැම්බර් මාස සදහා ලියාපදිංචි වීමට ඔබගේ විස්තර 0765 293 793 ට කරන්න.

පන්තියක් සදහා සිසුන් 10ක් පමණක් බදවා ගනු ඇත

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class